පරිගණක මතකය

පරිගණකයේ දත්ත තොරතුරු (Data, Information) කෙටි කාලීනව හෝ දීර්ගකාලීනව තැන්පත් කිරීමට යොදාගන්න උපාංග මතක උපාංග ලෙස හැදින්වේ.

පරගණක මෙහෙයුම් පද්ධති

පරිගණකයේ සියලු ක්‍රියාකාරිත්වයන් පාලනය කරන මෙහෙයුම් පද්ධති පිලිබදව මෙහිදී සවිස්තරාත්මකව විස්තර කෙරේ.

Saturday, September 10, 2011

මතක කළමනාකරණය.


5. පරිගනකයක පරිසාධනය වැඩි දියුණු කිරීමට මතක කළමනාකරණය භාවිතා කිරීම..                                                                                      5.1 :විවිධ වර්ගයේ මතකයන් සහ ඒවායේ ප්‍රධාන ලක්ෂණ හදුනා ගැනීමට පරිගණකය මතක පද්ධතිය පරික්ෂා කරයි ..
          
   * නෂ්‍ය මතකය/Volatile Memory                                                                                                                                                                                   


පරිගණකවල බාවිතා වන මතකය පරිගණකයේ ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය ම අංගයක් වේ.මතකයේ කෙරෙන ප්‍රදාන කාර්යය වන්නේ පරිගණක දත්ත සැකසුම ක්‍රියාවලියේ දී විවිඩ අදියරයන් හි දී අවශ්‍ය දත්ත තැම්පත් කර තබා ගැනීමයි.නමුත් මෙම නෂ්‍ය මතක වර්ගයේ ලක්ෂණයක් වන්නේ ඒවායේ රදවා තබා ඇති දත්ත නොමැකී පැවතීමට නම් අකණ්ඩව විදුලිය සැපීම පවත්වා ගත යුතු වීමයි.යම හෙයකින් එම මතක වලට ලැබෙන විදුලි බලය විසන්දි වුහොත් ඒ වහාම එම මතක වල ඇති දත්ත මැකී යනු ඇත.ඒ බැවින් මෙම මතක විදුලිය මත රදා පවතින මතක වර්ගයකි.පරිගණකයේ ඇති පහත දැක්වෙන මතක මෙම වර්ගයට ගැනේ.
                    


      *සසම්බාවී ප්‍රවේශ මතකය (Random Access Memory-RAM)                  
      *රෙජිස්තර මතකය(Register Memory)
      *සංචිත මතකය (Cache Memory)
.සසම්බාවී ප්‍රවේශ මතකය/Random Access Memory-RAM

මෙම මතකය පරිගණකයේ ප්‍රධාන මතකය ලෙස ද හදුන්වනු ලැබේ.පරිගණකයේ මධ්‍ය සැකසුම් ඒකකය යම් කාර්යයක් සිදු කිරීම සදහා අවශ්‍ය වන පද්ධති මෘදුකාංග,යෙදුම් මෘදුකාංග සහ අනෙකුත් අවශ්‍ය දත්ත රදවා තබාගන්නේ මෙම ප්‍රධාන මතකයේය.මෙහි ලක්ෂණයක් වන්නේ සැකසුම් ඒකකයට මෙහි  ඇති දෑ සෘජුවම ප්‍රවේශ කර ගැනීමට හැකියාව තිබීමය.එසේම මෙහි ප්‍රවේශ කාලය ද ඉතා අඩු බැවින් සැකසුම් කාර්යය වේගවත්ව සිදු කිරීමට හැකියාව ලැබේ.
සකසන  මෙම මතකයේ ඕනෑම තැනකින් සෘජුවම දත්ත ප්‍රවේශ කරගනු ලබන අතර ඒ සදහා අනුපිළිවෙලක්  අවශ්‍ය නොවේ.ඒ නිසා ම මෙම මතකය සසම්බවී ප්‍රවේශ මතකය ලෙස හදුන්වනු ලැබේ.
මෙම මතක වර්ගය වේගවත් වන්නාසේම මෙහි විවිධ වූ ධාරිතා වලින් යුක්ත වේ.එමෙන්ම මෙහි දත්ත කියවීමට මෙන්ම ලිවීමට ද හැකියාව ඇත.කෙසේවුවද පරිගණකය ක්‍රියා විරහිත කල විට මෙහි රැදී ඇති දත්ත සියල්ල විමෝචනය වේ.සසම්බවී ප්‍රවේශ මතක වර්ග දෙකකින් ලබාගත හැක.
               1.ගතික සසම්බවී ප්‍රවේශ මතකය.(Dynamic Random Access Memory-DRAM)
               2.ස්ථිතික සසම්බවී ප්‍රවේශ මතකය .(Static Random Access Memory-SRAM)

නුතන පරිගණකවල සුලභව දක්නට ලැබෙන මතක වර්ගය ගතික සසම්බවී ප්‍රවේශ මතක වේ.මෙම මතක වල තැම්පත් කර ඇති කුමක් හෝ දත්ත නිරන්තරයෙන් පුබුදු කිරීමක්(refresh)සිදු වේ.මෙම මතකයේ මතක කෝෂ වල රදවා ඇති දත්ත තත්පරයට මිලියන වර ගණනක් පුබුදු කෙරේ.
ස්ථිතික සසම්බවී ප්‍රවේශ මතකය පරිගණකයේ දෙවන වර්ගයේ ප්‍රධාන මතකය ලෙස හැදින්විය හැක. මෙම මතක වල ඇති දත්ත නිරන්තරයෙන් පුබුදු කිරීමක් සිදු නොවේ.නමුත් එම දත්ත මත වෙනත් යමක ලියන තෙක් හෝ විදුලිය විසන්ධි වීමක් සිදුවන තෙක් ස්ථිතික පිලිබිබූවුවත් ලෙස පවතී.මෙම මතක ඝනත්වයෙන් අඩු බැවින් සහ එය භාවිත් නොකරන විට විදුලි බලය භාවිතය අවම වන නිසා ගතික මතක වර්ගයට වඩා සකසනයේ ඇති සංචිත (cache memory)සදහා වඩාත් හොද තෝරා ගැනීමක් ලෙස ස්ථිතික මතක දැක්විය හැකිය.අනෙක් අතට ගතික මතක වල දත්ත ඝනත්වය වැඩි නිසා ප්‍රධාන මතකයට වැඩ සුදුසු තොර ගැනීමක් ලෙස දැක්විය හැක.

Monday, September 5, 2011

මෙම බ්ලොග් අඩවිය පිළිබද බිදක්....

පරිගණක මෙහෙයුම් පද්ධතියෙන් හා පරිගණක මතකයෙන් කෙරෙන කාරණයන් මෙම බ්ලොග් එකෙහි ඇතුලත් වේ. මෙම බ්ලොග් එක අධ්‍යනය කර ඒ පිළිබද දැනුම වර්ධනය කර ගැනීමට ඔබට උපකාරී වේ යැයි අපි සිතමු.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More